මහා ධනයක් වියදම් කරමින් පවත්වන විවාහ මංගල උත්සව සීමා කිරීමේ අරමුණින් ඉන්දියාව නව පනතක් සම්මත කරගැනීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
මෙම නව පනත සම්මත වුවහොත්, අධික වියදම් දරමින් සිදුකරන සුපිරි පැලැන්තියේ විවාහ මංගල උත්සවවලට තිත තැබෙන බව නොරහසකි.
මීට අනුව විවාහ මංගල උත්සවයට පැමිණෙන අමුත්තන් මෙන්ම, ඔවුන්ට කෙරෙන සංග්‍රහයන්ද සීමා කෙරෙන අතරම, යමෙකු මෙවැනි මහා මංගල්‍යයක් පැවැත්වීමට උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන් අලුත් බද්දක්ද එකතු වන බව සඳහන් වෙයි.
එහිදී, විවාහයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් වියදම් කරන්නේ නම් ඉන් 10% ක් බදු වශයෙන් ගෙවීමට නව යුවළට සිදුවන අතර, මෙම බදු මුදල් විවාහ මංගල්‍යයක් සිදුකිරීමට මුදල් නොමැති අයට උදව් කිරීම සඳහා යොදාගැනීමට නියමිත බවද සඳහන්ය.
මෙවැනි පනතක් හඳුන්වාදීමට හේතු වී ඇත්තේ ඉන්දියාව තුළ මුදල් වීසි කරමින් සිදුකරන දැවැන්ත විවාහ මංගල උත්සව සඳහා රට තුළම දැඩි විරෝධයක් මතුවීම නිසා බවද වාර්තා වේ.
පසුගිය නොවැම්බර් මාසයේදී ව්‍යාපාරිකයෙකු හා හිටපු ප්‍රාන්ත අමාත්‍යවරයෙකුගේ දියණියක අතර සිදුවූ විවාහ මංගල උත්සවය සඳහා වැය කර තිබූ මුදල ඉන්දීය රුපියල් බිලියන 5කි. (ඇ.ඩො.මිලියන 75කි.)