ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) රෝහල්ගතව ඇති බව විදෙස් වාර්තා පවසයි.
90 වැනි වියෙහි පසුවන ජෝර්ජ් බුෂ් පසුගිය අඟහරුවාදා හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණි.
ඔහුගේ ප්‍රකාශක ජිම් මැක්ග්‍රාත් පවසන්නේ හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය යහපත් වෙමින් පවතින බවයි.
බුෂ් ජනාධිපතිවරයා 1989 සිට 1993 දක්වා ඇමෙරිකාව පාලනය කළේය.