ලූලා පොලීසියට භාරවෙයි - 12 වසක සිරදඬුවම ඇරඹේ
මුදල් අක්රමිකතා චෝදනා ලබා සිටි බ්රසීලයේ හිටපු ජනපති ලූලා ඉනාසිඕ ලූලා ද සිල්වා පොලීසියට භාරවී තිබේ.
ඔහුගේ මෙම භාරවීමත් සමග ඔහුට නියම වී ඇති 12 අවුරුදු සිර දඬුවම ඇරඹෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය නියෝග කිරීමත් සමග ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඔහුගේ ආධාරකරුවන් ඔහු රැඳී සිටි වානේ කම්කරු වෘත්තීය සමිති ගොඩනැගිල්ල වට කරගනු ලැබීය.
කෙසේ වෙතත්, මේ ආකාරයන් දින දෙකක කාලයක් එහි රැඳී සිටීමෙන් පසුව 72 හැවිරිදි වියේ පසුවන ලූලා ඔහුගේ උපන්ගම වන සාඕ පෝලෝ නුවර කාර්යාලයේදී පොලීසියට භාරවී තිබේ.
කෙසේ වෙතත්, ලූලා රැගෙන යන වාහනයද ඔහුගේ ආධාරකරුවන් විසින් වටකරනු ලැබූ බව විදෙස් වාර්තා පවසයි.
හිටපු ජනාධිපතිවරයා තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්රතික්ෂේප කළත්, තමන්ට අධිකරණය විසින් ලබාදුන් නියෝගයට හිස නමා පොලීසියට භාරවූ බව ඔහු පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    


 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                