ලුම්බිනියේදී ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් පැවැත්වේ
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වැනි වෙසක් මංගල්‍යය සනිටුහන් කරමින් නේපාලයේ, ලුම්බිනි නුවරදී ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් ආරම්භ වී තිබේ.
බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලෙස සැලකෙන ලුම්බිනිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සමුළුව පසුගිය 28දා ආරම්භ වූ අතර එය ඊයේ (29දා) අවසන් විය. නේපාලයේ සංස්කෘතික, සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය රබීන්ද්‍ර අධිකාරී අතින් සමුළුව උත්සවාකාරයෙන් ආරම්භ කර තිබේ.
බුදුරජාණන් වහන්ස්ගේ ඉගැන්වීම් රැගත් පණිවුඩය ජාත්‍යන්තර ප්‍රජාව වෙත රැගෙන යෑම සමුළුවේ අරමුණ වී ඇත. ලුම්බිනි සංවර්ධන භාරකාර මණ්ඩලය පවසන පරිදි එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව සහ චීනය ඇතුළු රටවල් 16කින් මේ සඳහා නියෝජිතයන් සහභාගී කරවා තිබේ. එමෙන්ම, ලොව පුරා විවිධ රටවලින් පැමිණි බෞද්ධ දාර්ශනිකයන්ගේ අදහස්ද මෙම සමුළුව වෙත ඉදිරිපත් කර ඇත.
ලුම්බිනියේ ඇති වැදගත්කම හා එහි ආශ්චර්යය ලෝකය හමුවේ පැවසීමට මෙම සමුළුව කදිම අවස්ථාවක් වූ බවත්, ලුම්බිනි ප්‍රකාශයක්ද සමුළුව අවසානයේදී ඉදිරිපත් වූ බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




