ලිබියාවේ එක්සත් ජාතීන්ගේ මැදිහත්කරු මාස කිහිපයක අතිශය දුෂ්කර සාකච්ඡා වට කිහිපයකින් පසුව එරටට ජාතික එක්සත් රජයක් පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
2014 වසරේ සිට සිරියාවේ එකිනෙකට විරුද්ධ පාර්ලිමේන්තු දෙකක් ක්‍රියාත්මක වන අතර, ඉස්ලාමීය මතධාරී රජයක් ට්‍රිපෝලි සිටද, ජාත්‍යන්තරය පිළිගත් රජයක් නැගෙනහිර ලිබියාවේ සිටද ක්‍රියාත්මක වෙයි.
එක්සත් ජාතීන්ගේ මැදිහත්කරු ලෙස කටයුතු කරන බර්නාඩීනෝ ලිඕන් මොරොක්කෝවේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ෆයේස් සර්රාජ් ලිබියාවේ අගමැති ධුරයට නම් කළ හැකි බවයි.