ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ප්රහාරය එල්ල කර ඇති අතර, මුලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ ඔවුන්, පසුව තවත් පුද්ගලයෙකුට වෙඩි තබා, අනතුරුව ඔවුන්වෙතම වෙඩි තබා සියදිවි හානිකර ගනිමින් මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.
ආයුද සන්නද්ධ කාන්තාවක හා පුරුෂයෙකු විසින් පීසා හලක් අසලදී මුලින්ම වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහි ආහාර ගනිමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඇත. අනතුරුව අසල වූ වෝල්මාට් සාප්පුව වෙත ඇතුළු වූ ඔවුන් එහි සිටි පුද්ගලයෙකුද වෙඩි තබා ඝාතනය කර තිබේ. පසුව කාන්තාව විසින් ඇය සමග සිටි පුරුෂයා වෙත වෙඩි තබා ඇති අතර, අනතුරුව තුවක්කුව ඇය දෙසටම හරවාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි මෙම වෙඩි තැබීම සිදුකිරීමට පෙර ‘මේ තමයි විප්ලවය‘ යනුවෙන් පීසා හල අසලදී ඔවුන් කෑ ගසා තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.