ලාස් වේගාස් වෙඩි තැබීම සිදුකළ ස්ටෙෆන් පැඩොක් පතොරම් අලෙවි කළ වෙළෙඳ සැල් හිමියා අත්අඩංගුවට පත්ව තිබේ.
පොලීසිය පවසන පරිදි ඩග්ලස් හෙයිග් ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයාගේ ඇඟිලි සලකුණු, පැඩොක් විසින් භාවිතයට නොගත් පතොරම්වල තිබී සොයාගත් බවයි.
ලාස් වේගාස් හි හෝටල් කාමරයක සිට එළිමහන් සංගීත ප්රසංගයක් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකරමින් පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුවූ මෙම ම්ලේච්ඡ ප්රහාරයෙන් 58 දෙනෙකුට දිවි අහිමි විය.
ඇමෙරිකානු ඉතිහාසයේ අතිශය ඛේදජනකම සමූල ඝාතන වෙඩිතැබීමක් ලෙස සැලකෙන මෙම සිදුවීමෙන් පසු ඔහුද සියදිවි හානි කරගෙන තිබුණි.
ඔහුගේ මෙම ඝාතනය සම්බන්ධයෙන් චොදනා ගොනුවන පළමු වැනි පුද්ගලයා බවට පත්වත්නේ 55 හැවිරිදි වියේ පසුවන ඇරිසෝනා හි පදිංචි ඩග්ලස් හෙයින් ය.