ලාස් වේගාස් වෙඩික්කරු වියරු වැටුණු පිස්සෙක් - ට්‍රම්ප් කියයි
ලාස් වේගාස් සංගීත ප්‍රසංගයක් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකරමින් ජීවිත 59ක් බිලි ගනිමින්, තවත් 527 දෙනෙකුට තුවාල සිදුකළ වෙඩික්කරු වියරු වැටුණු මානසික රෝගියෙකු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබුණි. එමෙන්ම, ඇමෙරිකානු ගිනි අවි නීතිය සම්බන්ධයෙන් නොසලකා හැරීමක් සිදුව ඇති බවද හෙතෙම මෙහිදී අවධාරණය කර තිබේ.
මේ අතර, මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකළ 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් මෙවැනි ක්‍රියාවකට නතුවූ හේතුව සොයාගැනීම සඳහා පොලීසිය තවදුරටත් පරීක්ෂණ මෙහෙයවමින් සිටියි.
මේ අතර, පොලීසිය ඔහු රැඳී සිටි නිවසේ තිබී ගිනි අවි 23ක් සොයාගෙන තිබූ අතර, තවත් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඔහුගේ නිවසේ තිබියදී සොයාගෙන තිබුණි.
එහිදී, මෙම ප්‍රහාරය පසුපස ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයක සබඳතාවක් නොමැති බවද ආරක්ෂක අංශ පෙන්වාදෙයි. මේ අතර, පැඩොක් යම් මානසික ව්‍යාධියකින් පෙලුණු බවටද මතයක් පැවතියත් එයද තවම තහවුරු වී නොමැති බව කියයි.
මේ අතර, සිද්ධිය වූ දින රාත්‍රී වෙඩි තැබීමෙන් පසුව පොලීසිය ඔහු සොයා හෝටල් කාමරයට පැමිණීමට පෙර පැඩොක් තමාටම වෙඩි තබා ගනිමින් සියදිවි හානි කරගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය අභ්‍යන්තර ත්රස්තවාදයක ප්‍රතිඵලයක්ද යන පැනයට ඇමෙරිකානු ජනපතිවරයා මුණිවත රැක ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර වැඩි දෙනෙකු අවුරුදු 20 ගණන්වල තරුණ වයසේ පසුවන්නන්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





