ඇමෙරිකා එක්සත් ජනපදයේ, ලාස් වේගාස් හි සංගීත ප්‍රසංගයක් වෙත සිදුවූ විවෘත වෙඩි තැබීමේ ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගත්තද, ප්‍රහාරය පසුපස ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් පවතින බව තහවුරු වී නැතැයි FBI ආයතනය පවසයි.
50කට අධික පිරිසකට මරු කැඳවමින්, තවත් සිය ගණනකට තුවාල සිදුකරමින් සිදුවූ මෙම ම්ලෙච්ඡ ප්‍රහාරය සිදුකළ 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් නැමැත්තා මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් ආගම වැළඳගත්තෙකු බව පවසමින්, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය හා සැසඳෙන කිසිදු සාක්ෂියක් ඔවුන් ලබාදී නොතිබුණු බවද පරීක්ෂණ මෙහෙයවන නිලධාරීහු පවසති.
ඒ අනුව, FBI විශේෂ නියෝජිත ඇරොන් රොවුස් අවධාරණය කරමින් පවසා සිටියේ මේ දක්වා සිදුකළ පරීක්ෂණ අනුව ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයක සබඳතාවක් මෙම ප්‍රහාරය සමග සම්බන්ධ වී නොමැති බවයි.