උතුරු ලන්ඩනයේ මුස්ලිම් දේවස්ථානයක් අසලදී වෑන් රථයක් පදිකයන් වෙතට කඩා වැදීමේ සිද්ධියක් වාර්තා වන බවත්, ඉන් පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය අසල සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවන බවද මෙට්‍රොපොලිටන් පොලීසිය කියයි.
බ්‍රිතාන්‍ය වේලාවෙන් අලුයම 12.20 ට පමණ මේ පිළිබඳ පළමු දැනුම්දීම පොලීසිය වෙත ලැබී තිබේ.
බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම වෑන් රථය ඕනෑ කමින්ම තම වන්දනාකරුවන් මතින් ධාවනය කර ඇති බවයි.
මෙම සිද්ධියට මුහුණදුන් වැඩිදෙනා රාමදාන් උපවාසයෙන් පසුව රාත්‍රී ආගමික වතාවත්වලට සහභාගී වී පිටව යමින් සිටි පිරිසක් බවද පැවසෙයි.
බ්‍රිතාන්‍ය වෙත ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් දිගින් දිගටම එල්ල කරනු ලැබූ ප්‍රහාර මාලාවේ ප්‍රතිප්‍රහාර දැක්වීමක් ලෙස මෙය සැලකිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.