බටහිර ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය පිරිස 17ක් ලෙස තහවුරු කළත්, ගොඩනැගිල්ල තුළ ගින්නට හසුවීමෙන් මියගිය පිරිස තවදුරටත් වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කෙන්සිංටන් නගරයේ, ග්‍රේන්ෆෙල් මහල් නිවාස සංකීර්ණය තුළ තවදුරටත් නිරුපද්‍රිතව කිසිවෙකු සොයාගැනීමට හැකි නොවනු ඇති බව මුදාගැනීම්වල නිරත ගිනි නිවන භටයෝ පවසති.
කෙසේ වෙතත්, විශේෂ පොලිස් සුනඛයන් යොදා ගනිමින් අතුරුදන්ව ඇති පුද්ගලයන් සොයා ගොඩනැගිල්ල තුළ මෙහෙයුම් අරඹා ඇති බව සඳහන් වෙයි.
මේ වනවිට සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් 30ක් පමණ රෝහල්ගතව සිටින අතර, ඉන් 17 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, අතුරුදන් වූවන්ගේ තොරතුරු සොයා බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවන බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන දෙවැනි එළිසබෙත් මහ රැජින පවසා සිටියේ මියගිය හා තුවාල වූ අයගේ ඥාතීන් සමග මේ අවස්ථාවේදී දුක බෙදාගනිමින් යාඥා කරන බවයි.
අගමැතිනී තෙරේසා මේ ගින්නට හසුවූ ගොඩනැගිල්ල ඇති කලාපය වෙත කෙටි සංචාරයක නිරතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවට පොරොන්දු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම මහා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.