මධ්‍යම ලන්ඩනයේදී වෑන් රථයකට යට කරමින් සහ පිහි ඇණුම් සිදුකරමින් ම්ලේච්ඡ ජිහාඩ් ප්‍රහාරයක් සිදුකළ තෙවැනි ත්රස්තවාදියාවද හඳුනාගෙන තිබේ.
මොරොක්කෝ-ඉතාලි සම්භවයක් ඇති මෙම තැනැත්තා 22 හැවිරිදි යූසෙෆ් සගාබා බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය කියයි.
මෙම ප්‍රහාරයට පැමිණි ත්රස්තවාදීන් තිදෙනාම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ අතර, එම ප්‍රහාරයේ පළමු ත්‍රස්තයා පාකිස්තානයේ උපත ලබා ඇති 27 හැවිරිදි ඛුරාම් බට් ලෙසත්, දෙවැන්නා 30 වැනි වියෙහි පසුවූ රෂීඩ් රෙඩොවුනේ ලෙසත් මීට පෙර හඳුනාගෙන තිබුණි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 48 දෙනෙකු තුවාල ලැබීය.