මධ්‍යම ලන්ඩනය කේන්ද්‍ර කරගනිමින් සෙනසුරාදා සිදුවූ ජිහාඩ් ප්‍රහාරයෙන් පසුව පවා නගරාධිපති සදීක් ඛාන් නගරයේ ත්‍රස්ත අවදානම තුට්ටුවට දමා ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
ජනතාවට තැති ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව පවසමින් නගරාධිපති ඛාන් විසින් ත්රස්තවාදීන්ට අනුකම්පා සහගත සමාවක් ලබාදී ඇති බව ට්‍රම්ප් කියයි.
ප්‍රහාරයෙන් පසුව නගරාධිපතිවරයා විසින් නිකුත් කළ ප්‍රකාශයෙහි 'ලන්ඩන් වැසියන් ඉදිරි දින කිහිපයේදී පොලීසියේ වැඩිවීමක් දකීවි. නමුත්, තැති ගැන්මක් ඇති කරගැනීමට හේතුවක් නෑ' යනුවෙන් සඳහන්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වා ඇති ට්‍රම්ප්, 'ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිත 7ක් අහිමි වෙලා, 48කට තුවාලයි. ඒත් ලන්ඩන් නගරාධිපතිවරය කියන්නෙ තැති ගන්න හේතුවක් නැහැ කියලයි' යනුවෙන් පවසා තිබේ.
ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමට ප්‍රතිචාර ලෙස ලන්ඩන්යේ නගරාධිපතිවරයා පවසා ඇත්තේ නගරයේ ජනතාව බෙදීමකට ලක්කිරීමට ට්‍රම්ප්ට අවස්ථාවක් නොදෙන බවයි.
කෙසේ වෙතත්, පසුගිය සෙනසුරාදා මධ්‍යම ලන්ඩනයේදී ජිහාඩ් අන්තවාදීන් විසින් සිදුකළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 48 දෙනෙකු තුවාල ලැබීය.