බටහිර ලන්ඩනයේ ග්රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් සිදුවූ ඛේදවාචකයට වහා පිළිතුරු ලබාදෙන්නැයි කියමින් නගරාධිපති සාදික් ඛාන් වෙත ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ගිනිගෙන දැවුණු ගොඩනැගිල්ල මෙන්ම, ඒ හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව පිළිබඳ සොයා බැලීමට පැමිණි නගරාධිපතිවරයාට නොටින්ග් හිල් මොතෝදිස්ත දේවස්ථානය පිටතදී මෙම දරුණු විවේචනයන්ට ලක්වීමට සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, එම ස්ථානයේදී වයස අවුරුදු 7ක පමණ කුඩා දරුවෙකු "මේ සිද්ධියෙන් දරුවන් කී දෙනෙක් මියගිහින් තියෙනවාද?" යැයි නගරාධිපතිවරයාගෙන් අසා සිටි පැනය ඔහු තවත් අපහසුතාවට පත්කළ බවද වාර්තා වෙයි.
එමෙන්ම, නගරාධිපතිවරයාට විරෝධතාකරුවන් විසින් බෝතල් ප්රහාරයක් එල්ල කර ඇති අතර, ඔහු ඉන් වැළකී ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් ඉවත්කිරීමට පොලීසිය කටයුතු කරන ආකාරයද විදෙස් වාර්තාවල දැකගත හැකි විය.