යුරෝපා සංගමයට අයත් අගනුවරක නගරාධිපති ධුරයට පත් ප්‍රථම මුස්ලිම් ජාතිකයා බවට පත්වෙමින්, බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ අපේක්ෂක සාදික් ඛාන් ලන්ඩන් නගරාධිපති ධුරයට තේරී පත්ව තිබේ.
පාකිස්තානයේ සිට බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වූ බස් රියදුරෙකුගේ පුත්‍රයෙකු ලෙස ඛාන් සැලකෙයි.
සාදික් ඛාන් මීට පෙර බලයේ සිටි ලේබර් පක්ෂ රජයේ අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර, මෙවර නගරාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදියා ලෙස කටයුතු කර තිබුණේ කොන්සර්වේටිව් පක්ෂ අපේක්ෂක කෝටිපතියෙකු වන සැක් ගෝල්ඩ්ස්මිත් ය.