මධ්‍යම ලන්ඩනයට ඉහළ අහසේදී මගී ගුවන් යානයක් හා කුඩා ඩ්‍රෝන යානයක් එකිනෙක ගැටීමට ගිය අනතුරක් අනූනවයෙන් වැළැක්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එයාර්බස් ඒ320 වර්ගයේ මගී යානය ලන්ඩනයට ඉහළ අහසේ ගමන්කළ අවස්ථාවේදී මගීන් 165 දෙනෙකු එහි සිටි බව කියයි. හීත්රෑ ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් තිබූ යානයට මීටර් 20ක් පමණ ඔබ්බෙන් මුලින්ම මෙම ඩ්‍රෝන යානය ඇස ගැටී තිබේ.
මෙය සිදුවීමට ගිය බරපතල අනතුරකින් මිදුණු ඉතා ආසන්න අවස්ථාවක් බව ඒ පිළිබඳ කෙරුණු විශේෂ පරීක්ෂණයකදී හෙළි වී ඇත.
එම අවස්ථාවේදී යානය පොළොවේ සිට අඩි 4,900ක් ඉහළ අහසේ ගමන් කරමින් තිබී ඇති අතර, ගුවන් නියමු කුටියට දකුණු පසින් මෙම ඩ්‍රෝන යානය නියමුවන් විසින් දැක තිබේ.
අඟල් 20ක් පමණ වූ මෙම කුඩා ඩ්‍රෝන යානය යානයේ දකුණු පියාපතට ඉහළින්ද ගමන් කර ඇති අතර, එය කළු වර්ණයෙන් යුතු වූ බවද නියමුවන් හා යානයේ කාර්ය මණ්ඩලය පවසා ඇත.
කෙසේ වෙතත්, යානයේ නියමුවන්ගේ දක්ෂතාව නිසා වහාම යානය ඉන් ඉවතට ගෙන ඇති අතර, එය බ්‍රිතාන්‍ය ගුවන් ආරක්ෂාව පිළිබඳව දැඩි විමසිලිමත්භාවයක් ඇති කළ සිදුවීමක් බවටද පත්ව තිබේ.