බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීරණයේ සිදුවූ ගින්නෙන් මියගිය හෝ අතුරුදන් වූ සමස්ත පිරිස 58ක් බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම අගය ඇතැම් විට ඉහළ යා හැකි බවයි. බොහෝ විට එය 70ක් විය හැකි බවද හෙතෙම බී.බී.සී.ය වෙත පවසා තිබේ.
සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වූ ගොඩනැගිල්ලේ මේ වනවිට සිදුවන පරීක්ෂණ හා මෙහෙයුම් සඳහා තවත් සති කිහිපයක් ගතවිය හැකි බවද සඳහන් වෙයි.
මේ අතර, ගින්නෙන් හානියට පත්වූ ජනතාව වෙත මූලික වශයෙන් ලබාදී ඇති සහන ප්‍රමාණවත් නොවූ බව අගමැතිනී තේරේසා මේ පිළිගෙන තිබේ.
ඇය ගින්නෙන් නිවාස අහිමි වූ ජනතාව හමුවීමෙන් පසුව මෙම අදහස් පළ කර ඇති අතර, එම ජනතාව මෙන්ම ස්වේච්ඡා සේවකයන් පිරිසක්ද පැය කිහිපයක් අගමැතිනිය සමග මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.
එහිදී, ඔවුන්ගේ ඉල්ලීම් මෙන්ම, දැනට ඔවුන්ට අත්‍යවශ්‍ය ඉල්ලීම් අගමැතිනිය වෙත ඉදිරිපත් කළ බවද එම සාකච්ඡාවන්ට සහභාගී වූවෙකු බී.බී.සී.යට පවසා තිබේ.
මේ අතර, පසුගිය සෙනසුරාදා විශාල පිරිසක් නගර සභාව ආශ්‍රිතව තම ඉල්ලීම් දිනාගැනීම සඳහා උද්ඝෝෂණයක්ද සිදුකළහ.