ලන්ඩන් උමං දුම්රිය බෝම්බ ප්‍රහාරය දෙවැනි සැකකරු අල්ලයි
ලන්ඩනයේ උමං දුම්රිය මැදිරියක පසුගිය 15දා සිදුවූ බෝම්බ සම්බන්ධයෙන් සැකපිට දෙවැනි සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
බටහිර ලන්ඩනයේ, හවුන්ස්ලෝව් ප්‍රදේශයේදී සෙනසුරාදා රාත්‍රී කාලයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු අවුරුදු 21ක පමණ තරුණයෙකු බව කියයි.
මීට පෙර මෙම පිපිරීම සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට පත්වූ අතර, පරීක්ෂණ තවදුරටත් සිදුවන නිසා ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම පොලීසිය ප්‍රතික්ෂේප කර තිබේ.
කෙන්ට් ප්‍රාන්ත පොලිසිය විසින් පළමු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෝවර් වරාය ආශ්රිත ප්‍රදේශයේදීය. පසුව ඔහු ලන්ඩන් පොලීසිය වෙත රැගෙන ගොස් තිබුණි.
නිරිතදිග ලන්ඩනයේ පාසන්ස් ග්‍රීන් උමං දුම්රිය පොළ අසලදී දුම්රිය මැදිරියක මෙම බෝම්බය පිපිරී ගිය අතර, එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලැබීය.
එරට ආරක්ෂක අංශ පවසා සිටියේ මෙය සැලසුම්සහගත ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, මෙම ප්‍රහාරයත් සමග ලන්ඩන් නුවර ත්‍රස්ත අවදානම් ඉතා බරපතළ මට්මින් තවදුරටත් ඉහළ නැංවූ බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

