ලන්ඩන් උමං දුම්රිය ප්‍රහාරය සැලසුම්ගත ත්‍රස්ත ප්‍රහාරයක්
ලන්ඩනයේ උමං දුම්රිය මැදිරියක පසුගිය 15දා සිදුවූ බෝම්බ පිපිරීම සැලසුම්සහගත ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, මෙම ප්‍රහාරයත් සමග ලන්ඩන් නුවර ත්‍රස්ත අවදානම් ඉතා බරපතළ මට්මින් තවදුරටත් පවත්වන බවත් මෙට්‍රොපොලිටන් පොලීසිය අවධාරණය කරයි.
එමෙන්ම, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 18 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර, පරීක්ෂණ තවදුරටත් සිදුවන නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම පොලීසිය ප්‍රතික්ෂේප කර තිබේ.
කෙන්ට් ප්‍රාන්ත පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෝවර් වරාය ආශ්රිත ප්‍රදේශයේදීය. පසුව ඔහු ලන්ඩන් පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ. නිරිතදිග ලන්ඩනයේ පාසන්ස් ග්‍රීන් හිදී මෙම උමං දුම්රිය ප්‍රහාරය සිදුවූ අතර, මෙම පිපිරීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලැබීය.
ප්‍රහාරය සැලසුම් කර ඇති ආකාරයටම සිදුකර ගැනීමට ත්රස්තයන්ට නොහැකි වීමෙන් සිදුවීමට ගිය හානිය අවම වී ඇති බවද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මේ අතර, බ්‍රිතාන්‍යයට මෙන්ම, විශේෂයෙන් ලන්ඩන් නුවරට ඇතිව තිබෙන මෙම ත්‍රස්ත අවදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එරට හදිසි අවස්ථාවන්හිදී කැඳවන කෝබ්රා ආරක්ෂක රැස්වීමද කැඳවා තිබූ අතර, මෙම ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් ඉදිරියට සිදුවන බව එහිදී අවධාරණය කෙරිණි.
මීට පෙරද බ්‍රිතාන්‍ය වෙත මෙවැනි ත්‍රස්ත ප්‍රහාර හා වෑන් රථ ප්‍රහාර එල්ල වූ අතර, එහිදී, ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන් එම ප්රහාරයන් පසුපස කටයුතු කර තිබුණි.
එබැවින් මෙයද හුදකලා ත්‍රස්ත ප්‍රහාරයක් හෝ එසේ නොමැති නම් ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ජාලයකින් පෝෂණය ලැබූ ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

