කළු සල්ලි ජාවාරමේ නිරත බව කියන පාකිස්තානයේ ප්‍රබල දේශපාලන පක්ෂයක් වන MQM පක්ෂයේ නායක අල්ටාෆ් හුසේයින් ලන්ඩනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.
වයඹදිග ලන්ඩනයේ ජීවත්ව ඇති හුසේයින් 1991 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ජීවත්ව ඇති අතර, අත්අඩංගුවට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 60ක් බව කියැවෙයි.
කෙසේ වෙතත් හුසේයින්ගේ අත්අඩංගුවට පත්වීමත් සමග පාකිස්තානය තුළ ප්‍රචණ්ඩක්‍රියා ඇතිවිය හැකි බැවින් කරච්චි පොලීසිය සීරුවෙන් සිටි බවද කියැවෙයි.
පොලීසිය සීරුවෙන් තැබූවද , නගරයේ ඇතැම් ස්ථානවලින් වෙඩි තැබීම් වාර්තා වූ බවද විදෙස් පුවත් සේවා පවසයි.
මේ අතර, කරච්චි නගරයේ මෙන්ම ස්නධා ප්‍රාන්තයේ තවත් නගර කිහිපයක වාහන තදබදයක් ඇතිවී තිබෙන බවද වාර්තා වෙයි.
ප්‍රචණ්ඩක්‍රියා ඇතිවීමේ අවදානම හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමා ඇති බවත්, ජනතාව නිවාසවලට වී සිටින බවත් වාර්තා වෙයි.