රොම්නි 2016 තරග බිමෙන් ඉවත් වෙයි
2012 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඔබාමා අතින් පරාජයට පත්වූ රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි නැවත ජනාධිපතිවරණ තරග බිමට නොපැමිණෙන බව අවධාරණය කර තිබේ.
67 වැනි වියෙහි පසුවන රොම්නි පවසා ඇත්තේ තම පක්ෂයේ සෙසු නායකයන්ට අවස්ථාවක් ලබාදෙමින් තමන් මෙම තීරණයට පැමිණ ඇති බවයි.
ඔහු 2016 ජනාධිපතිවරණ තරග බිමට පැමිණෙන බවට කතාවක් පැතිර යාමෙන් සතියකට පසුව මෙම නිවේදනය නිකත් විය.
කෙසේ වෙතත්, මේ නිවේදනය තුළ මිට් රොම්නි වෙත ආධාර කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ආධාරකරුවන්ට සෙසු රිපබ්ලිකන්වරුන් වෙත ආධාර කිරීමේ බාධාවක් ඇති නොකරනු ඇති බවද පැවසෙයි.
ඒ අනුව, හිටපු ෆ්ලොරීඩා ආණ්ඩුගාර ජෙබ් බුෂ්, නිව් ජර්සි ආණ්ඩුකාර ක්රිස් ක්රිස්ටයිල් සහ සෙනෙට් සභික රෑන්ඩ් පෝල් මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන්වරුන් අතරින් පැමිණෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

