ඇමෙරිකාවේ නව ජාතික ආරක්ෂක උපදේශක තනතුර සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තේරීම වූ රොබට් හාවඩ් පෞද්ගලික හා මූල්‍ය සාධක මත එම ධුරය භාරගෙන නොමැති බව ධවල මන්දිරය කියයි.
විශ්‍රාමික වයිස් අද්මිරාල්වරයෙකු වන රොබට් හාවඩ්, ට්‍රම්ප් පරිපාලනයේ හිටපු ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ගෙන් පසුව එම ධුරයට පත්වනු ඇති බව බොහෝ දෙනා බලාපොරොත්තු වූ චරිතයයි.
ඇමෙරිකාවේ රුසියානු තානාපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා පිළිබඳව උප ජනපති මයික් පෙන්ස් නොමග යැවීමක් සම්බන්ධයෙන් චෝදනා ලබමින් හිටපු ආරක්ෂක උපදේශකවරයාට සිය ධුරයට ඉතා කෙටි කලකින්ම විශ්‍රාම ගැනීමට සිදුවිය.
රොබට් හාවඩ් මාධ්‍ය වෙත පවසා තිබුණේ ට්‍රම්ප් පාලනය ඉතා ඕනෑකමින් තමාගේ සේවය බලාපොරොත්තු වූ බවයි. එය වෘත්තීය මෙන්ම පෞද්ගලික ආකාරයෙන්ද සිදුවූ බව හෙතෙම පවසා තිබේ.
60 වැනි වියෙහි පසුවන හිටපු නේවි සීල් භටයෙකුද වූ හාවඩ් දැනට අබුඩාබි හි රැඳී සිටියි.