උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ඊයේ (11දා) සවස් කාලයේදී සිංගප්පූරුවේ සංචාරක කේන්ද්‍රස්ථාන කිහිපයක ඇවිද යන විට එරට විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සෙල්ෆියක් (වීෆියක්) ගත් අතර, එය වඩාත් ආකර්ෂණීය ඡායාරූපයක් බවට පත්ව තිබේ.
කිම් සිංගප්පූරුවේ සංචාරක පුරයන්හි ඇවිද යනවිට ජනතාව ඔහුගේ නම කියමින් ප්‍රීතිඝෝෂා පවත්වන විට කිම් සිනහමුසුව ඔවුන්ට ආචාර කරන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කිම් සමග ගත් වීෆිය තම ට්විටර් ගිණුමට එක්කර තිබුණේ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් ය. කිම් සංචාරක ස්ථාන නැරඹීමට ඔහු සමග පැමිණ සිටි අතර, උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ළඟා වූ අවස්ථාවේදී ගුවන් තොටුපොළට ගොස් ඔහු පිළිගනු ලැබුවේද විවියන්ය.