රුසියාවෙන් යුක්රේනයට එන මානුෂීය ආධාරවලට බාධා?
නැගෙනහිර යුක්රේනය වෙත මානුෂීය ආධාර රැගෙන රුසියාවේ සිට පැමිණෙන ලොරි රථ සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් විසින් කොන්දේසි පැනවීමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.
මීට පෙර වාර්තා වූයේ නැගෙනහිර යුක්රේනය වෙත මානුෂීය ආධාර රැගත් ලොරි රථ 300ක් පමණ මොස්කවු නගරයෙන් ගමන් ඇරඹූ බවයි.
එහිදී, යුක්රේන ආරක්ෂක මණ්ඩල ප්‍රකාශකවරයා පවසා සිටියේ මෙම ආධාර රජයේ පාලනයේ පවතින දේශසීමා තුළින් යුක්රේනයට ඇතුළු විය යුතු බවය.
පසුව ඒවා රතු කුරුස නිලධාරීන් සමග යුක්රේන කැරලිකරුවන් වෙත යොමුකළ යුතු බවය.
රුසියානු මාධ්‍ය පෙන්වා දෙන පරිදි මෙම ලොරි රථවල ටොන් ගණනක් වූ ධාන්‍ය, ළදරු ආහාර, ඖෂධ ඇති බව කියයි.
රුසියානු හිතවාදීන් පාලනය කරන නැගෙනහිර යුක්රේන කලාපයේ රැඳී සිටින සාමාන්‍ය ජනතාවට මෙම මානුෂීය ආධාර සපයන බව රුසියාව කියයි.
එමෙන්ම, මෙම මානුෂීය මෙහෙයුම සඳහා යුක්රේන රජය එකඟ වූ බව මීට පෙර රුසියාව කියා තිබුණි.
නමුත්, බටහිර රාජ්‍යයන් චෝදනා නගන්නේ මේ මානුෂීය ආධාර තත්ත්වය තුළ රුසියාව නැගෙනහිර යුක්රේනයේ රැඳී සිටින කැරලිකරුවන්ට ආධාර සපයන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

