රුසියාවෙන් පැමිණි ආධාර තොගය හෙට නැගෙනහිර යුක්රේනයට
නැගෙනහිර යුක්රේනයේ ගැටුම්වලට මැදිවී සිටින සාමාන්‍ය ජනතාවට රැගෙන යන අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් රුසියානු ලොරි රථ තවමත් යුක්රේනයට ඇතුළු නොවී දේශසීමා ආසන්නයේ පවතින බව රතු කුරුස සංවිධානය පවසයි.
ඒ අනුව, රතු කුරුස බලධාරීන් පෙන්වා දෙන්නේ බොහෝ විට හෙට දිනයේදී එම ආධාර රැගත් ලොරි රථ රුසියාවට ඇතුළු වනු ඇති බවයි.
ඒ අනුව, මෙම දැවැන්ත ලොරි රථ පෙළ රුසියානු හා යුක්රේන ආරක්ෂක මුරපොළ අතර දැවැන්ත සෝදිසි කිරීමකට ලක්වන බව කියැවෙයි.
එහිදී, මෙම සෝදිසි කිරීම් වෙනුවෙන් රතු කුරුස සංවිධානයේ නිලධාරීන්ද සම්බන්ධ වී සිටියි.
මෙම ආධාර තොගය ලැබීම සම්බන්ධයෙන් යුක්රේනයෙන් විවේචනයක් පැවතියේ ඒ සමගම යුක්රේනයේ සටන් වදින රුසියානු හිතවාදී සටන්කරුවන්ට යුද ආධාර සැපයීමක් සිදුවන බව කියමිනි.
නමුත්, රුසියාව කියා සිටියේ එය ගැටුම්වලට කොටුවී සිටින සාමාන්‍ය ජනතාවට ලබාදුන් ආධාර තොගයක් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

