යුක්රේනයේ ක්රිමියා අර්බුදය මූලික කරගනිමින් බ්රසල්ස් නුවර රැස්ව සිටින යුරෝපා සංගම් නායකයන් විසින් රුසියාවට එරෙහිතව තවදුරටත් සම්බාධක පැනවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, දැනටමත් වීසා පහසුකම් සීමා කොට ඇති සහ වත්කම් අත්හිටුවා සිටින රුසියානු සහ ක්රිමියානු නිලධාරීන්ගේ ලැයිස්තුවට තවත් දොළොස් දෙනෙකුගේ නම් ඇතුළත් කර ඇති බව බ්රසල්ස් නුවරින් වාර්තා වෙයි.
යුක්රේන අර්බුදය තවදුරටත් උග්ර අතට හැරෙන ලක්ෂණ පැවතියහොත්, පුළුල් ආර්ථික සම්බාධක පැනවීම් සඳහා සූදානම් වන ලෙස යුරෝපා සංගමයේ විධායකය වන, යුරෝපා කොමිසමට උපදෙස් දී තිබෙන බවද කියැවෙයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන්ගේ සමීප රුසියානුවන් 20 දෙනෙකුට එරෙහිව ඇමෙරිකාව විසින් සම්බාධක පනවන බව මීට කලින් නිවේදනය කර තිබිණි.