රුසියාව න්‍යෂ්ටික යුද්ධයකට දොරටු විවර කරමින්, ජාත්‍යන්තර අණ නොතකා කටයුතු කරන බවට ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් රුසියාවට චෝදනා කර සිටියි.
මොස්කව් සමග පැවති සබඳතා දුර්වල වීම සම්බන්ධයෙන් තමා කනගාටු වුවත්, නේටෝ සංවිධානයේ නැගෙනහිර බලමුළුව සම්බන්ධයෙන් වැඩි ප්රමුඛත්වයක් ලබාදීමට ඇමෙරිකාවට සිදුව ඇති බවද හෙතෙම පවසයි.
යුක්රේන අර්බුදය හේතුකොට ගෙන ඇමෙරිකානු හා රුසියානු සබඳතාවල බිඳ වැටීමක් සිදුවූ අතර, මෑතකදී බෝල්ටික් මුහුදේ හමුදා ක්‍රියාකාරකම්ද දෙරටේ විරසකයට හේතු විය.
මේ අතර, නේටෝ සංවිධානය තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන බවට රුසියාව චෝදනා කර තිබේ.