තුර්කියේ රුසියානු තානාපති අන්ද්‍රෙයි කර්ලෝව් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමත් සමග ලොව පුරා ඇති රුසියානු තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කිරීමට එරට බුද්ධි අංශ සූදානම් වෙයි.
තුර්කියේ අන්කාරා නගරයේ ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි තානාපතිවරයා එහි කතාවක් පවත්වමින් සිටියදී පිටුපසින් සිටි ජිහාඩ් තුවක්කුකරුගේ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්විය.
තුර්කියේ පොලිසියේ සේවාමුක්ත නිලධාරියෙකු වූ 22 හැවිරිදි මෙව්ලුට් මර්ට් ඇල්ටින්ටාස් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ සිරියාවේ සිදුවන රුසියානු හමුදාමය ක්‍රියාමාර්ගයට එරෙහි වීමක් ලෙසිනි.
මේ අතර, ප්‍රකාශයක් සිදුකළ තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩෝගාන් සිහිපත් කළේ මෙය රුසියාව හා තුර්කිය අතර වූ සබඳතා බිඳ දැමීම ඉල්ල කළ ප්‍රහාරයක් බවයි.
මෙම ප්‍රහාරකයා පසුව එරට ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු කවර සංවිධානයකට අයත් පුද්ගලයෙකුද යන්න පැහැදිලි නොවීය. නමුත්, මෙම වෙඩි තැබීම සිදුකිරීමට පෙර දෙවියන් ශ්‍රේෂ්ඨයි යනුවෙන් කෑමොර දීම තුළ ඔහු ජිහාඩ් අන්තවාදී ලක්ෂණ මතුකර තිබූ බව විදෙස් වාර්තා පැවසීය.