රුසියාවේ, අමූර් පළාතේ වොස්ටෝච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මුදාහැරෙන ප්‍රථම අභ්‍යවකාශ යානය ලෙස සෝයූස් - 2.1ඒ රොකට්ටුව අද (28දා) අභ්‍යවකාශගත කළ බව විදෙස් වාර්තා පවසයි.
මෙම යානය ඊයේ දිනයේදී අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබුණත්, එහි පැවති කාර්මික දෝෂයක් හේතුවෙන් අදාළ දිනය අද දක්වා කල් දැමීමට සිදුවිය.
මිනිසුන් රහිතව අභ්‍යවකාශය බලා ගමන් කළ මෙම රොකට්ටුව චන්ද්‍රිකා තුනක් රැගෙන ගමන් කළ බව රුසියානු බලධාරීහු පවසති.
රොකට්ටුව අභ්‍යවකාශගත වී විනාඩි 9කින් පමණ එහි තුන්වැනි අදියරේ වූ චන්ද්‍රිකා වෙන් වෙමින් එම චන්ද්‍රිකා අභ්‍යවකාශයේ කක්ෂගත වන ස්ථාන කරා ගමන් කරනු ඇති බවද එම බලධාරීහු වැඩිදුරටත් පවසති.