මොස්කව් නගරයේදී නීත්‍යනුකූල නොවන මහජන රැලියක් සංවිධානය කළ බව පවසමින් රුසියානු විරුද්ධ පක්ෂ නායක ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට පත්ව තිබේ.
විරුද්ධ පක්ෂ නායකයා සිය නිවසේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහුට දින 30ක කාලයක් රැඳවුම් භාරයේ සිටීමට සිදුවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිය අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඔහුගේ නීතීඥයන් කරුණු දැක්වීමක් කළද, 41 වැනි වියෙහි පසුවන ඇලෙක්සි වෙත සමාවක් නොලැබුණු බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, විපක්ෂ නායක අත්ඩංගුවට පත්වීමට එරෙහිව රට පුරා ජනතා නැගිටීමක් වාර්තා වන බවද විදෙස් වාර්තා පවසයි.
එලඹෙන වසරේ පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණය සඳහා තරග කිරිමට සිටින ඇලෙක්සි මෙන්ම, මෙම රැළියට සහභාගී වූ තවත් පුද්ගලයන් 825ක් පමණ අත්අඩංගුවට පත්ව ඇති බව රාජ්‍ය නොවන සංවිධාන පවසයි.
පොලිස් වාර්තාවන්ට අනුව මෙම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයට 5,000ක පමණ ජනතාවක් සහභාගී වී තිබේ.