රුසියානු ගුවන් හමුදාව තුර්කියේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීම අත්වැරැද්දක් ලෙස නොපෙනන බව නේටෝ සංවිධානය පවසයි.
නේටෝ සංවිධානයේ මහ ලේකම් ජේන්ස් ස්ටොල්ටෙන්ට්බර්ග් පවසා සිටියේ ගුවන් සීමා උල්ලංඝනය සම්බන්ධයෙන් රුසියාව කිසිම ආකාරයක සත්‍ය පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.
අද ((06දා) දිනයේදීද හඳුනානොගත් ප්‍රහාරක යානයක් තම රේඩාර් පද්ධතියේ සටහන් වූ බවද තුර්කි හමුදා පවසා සිටියේය.
මීට පෙර පසුගිය ඉරිදා දිනයේදී මිග්-29 යානයක් තුර්කි සිරියානු දේශසීමාවේදී තුර්කි රේඩාර් තිරයේ සටහන්ව තිබීමත් සමග තම ප්‍රහාරක යානා දියත් කර එම යානාවට බාධා කිරීමට තුර්කිය කටයුතු කළේය.