ජංගම දුරකථනය අතින් ගෙන කතා කරමින් වාහන පදවන්නන් මෙන්ම, හෑන්ඩ්ස්ෆ්‍රී උපකරණයක් භාවිතයෙන් දුරකථනයට කතා කරමින් වාහන පදවන්නන්ද එකහා සමාන ව්‍යාකුල වූ කලබලයක් පෙන්නුම් කරන බව කියයි.
බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකරනලද පර්යේෂණයකට අනුව දුරකථන සංවාදවලදී ඒ සංවාදයට අදාළ චිත්ත රූප මවා ගැනීමක් රියදුරු මනසෙහි සිදුවෙයි.
ඒ අනුව, වාහනයක් පැදවීමේදී මාර්ගය දෙස අවදානය යොමුකිරීමට භාවිත වන මොළයේ කොටසින් අඩක්ම මේ චිත්ත රූප මැවීමට යෙදවෙන බව විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත.
ඒ නිසා, ජංගම දුරකථනයක් අතින් ගෙන ඇමතුමක් ලබාගන්නා රියදුරන් මෙන්ම, හෑන්ඩ්ස්ෆ්‍රී භාවිත කරන රියදුරන්ද එක හා සමාන අවදානමක් දරණ බව ඔවුහු පවසති.
මෙම පර්යේෂණය සඳහා කාන්තා රියදුරන් 40ක් හා පිරිමි රියදුරන් 20ක් යොදාගෙන තිබූ අතර, ඔවුන් වාහනයක් පදවමින් දුරකථන සංවාදයක යෙදීම වීඩියෝ පටිගත කිරීම් හරහා නිරීක්ෂණයට ලක්කර තිබුණි.
ඒ අනුව, මෝටර් රථයක් තුළදී සියලුම ආකාරයේ ජංගම දුරකථන භාවිතය හා හෑන්ඩ්ස්ෆ්‍රී භාවිතය තහනම් කළ යුතු බව එම පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයන් නිගමනය කර ඇති බව බී.බී.සී.ය කියයි.