ඇමෙරිකාවේ, නිව් ඔර්ලන්ස් ප්‍රාන්තයේ පැවති රැලියක් වෙත කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.
කෙසේ වෙතත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත්, රියදුරු අධික මත්පැන් පානය කොට රථය පැදවීමේදී එය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, අනතුරින් තුවාල ලැබූවන් අතර කිහිප දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවද මාධ්‍ය වාර්තා පවසයි.
ක්රේවි ඔෆ් එන්ඩිමියන් රැළිය නරඹිමින් සිටි පිරිසක් වෙත මෙම කැබ් රථය කඩා වැදී ඇති අතර, එය මිඩ්-සිටි දිස්ත්‍රික්කයේ සෙනසුරාදා සවස පැවැත්වී තිබේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා තමා සිදුවූයේ කුමක්ද යන්න නොදන්නා බවද හෙතෙම පවසා තබේ.