ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රැප් ගායක ජේ සී අතර කළු ඇමෙරිකානුවන් සම්බන්ධයෙන් වාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.
සී.එන්.එන්. රූපවාහයිනියේ ද වැන් ජෝන්ග් ෂෝ වැඩසටහනට එක්වෙමින් ජේ සී ඇමෙරිකාවේ කළු ජාතික රැකියා වියුක්තිය සම්බන්ධයෙන් සිදුකළ කතාබහකදී ජනපති ඩොනල්ඩ් ට්රම්ප් 'සුපර්බග්' යනුවෙන් හඳුන්වමින් කළු ඇමෙරිකානුවන්ට ඔහු පොඩි හැන්ඳෙන් බෙදන බව පවසා ඇත.
සුදු ජාතිකයන් සමග සැසඳීමේදී කළු ඇමෙරිකානුවන්ගේ රැකියා වියුක්තිය ඉහළ තලයක පවතින බවට චෝදනා පවතී.
ජේ සී පසුගියදා රූපවාහිනී වැඩසටහනේදී මේ සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් කතා කර තිබුණි.
එහිදී, ජේ සී වෙත ට්විටර් පණිවුඩයකින් පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනපතිවරයා පවසා තිබුණේ "කිසිවෙකු විසින් මෙය ජේ සීට පවසන්න, මගේ ප්රතිපත්ති යටතේ කළු ඇමෙරිකානුවන්ගේ රැකියා වියුක්තිය ඉතිහාසයේ පහළම අගය මේ වනවිට පෙන්වනවා" යනුවෙනි.
අප්රිකානු ඇමෙරිකානුවන්ගේ රැකියා වියුක්තිය 6.8%ක සීමාවේ පවතින බව ඉන් කියැවී තිබේ.