ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කොංග්‍රසයේ උප සභාපති රාහුල් ගාන්ධි මාස දෙකක පමණ කාලයක් නිහඬව සිට යළි දේශපාලන වේදිකාවට පැමිණෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පවසා සිටියේ එළැඹෙන අප්‍රේල් 19 වැනිදා දිල්ලියේදී ගොවීන් හමුවන වේදිකාවකට ගාන්ධි සහභාගි වනු ඇති බව කියැවෙයි.
ගාන්ධි දේශපාලන වේදිකාවේ දක්නට නොලැබීම පිළිබඳ සමාජජාල අඩවිවල බෙහෙවින් කතාබහට ලක්වූ අතර, භාරතීය ජනතා පක්ෂය ඔහුට චෝදනා නගමින් කියා සිටියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙද්දී පවා ඔහු විවේක ගත් බවයි.
පසුගිය මහ මැතිවරණයේදී කොංග්‍රසය මෙහෙයවීම රාහුල් ගාන්ධි වෙත පැවරුණු අතර, එය කොංග්රස් පක්ෂය මුහුණ දුන් දැවැන්තම පරාජය බවට පත්විය.