විලියම් කුමරාට හා කේට් කුමරියට දාව උපන් බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකාවට චාර්ලට් එළිසබෙත් ඩයනා යන නම ලබාදීමට කෙන්සින්ග්ටන් මාලිගය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
විලියම් කුමරුගේ මව වන අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ නමත්, මිත්තනිය වන එළිසබෙත් මහරැජිනගේ නමත්, සීයා වන චාල්ස් කුමරුගේ නමත් මෙම නමට සම්බන්ධ වීම විශේෂත්වයකි. එහිදී, චාර්ලට් යනු චාර්ල්ස් යන්නෙහි ස්ත්‍රී ලිංග වචනය වීමෙන් මෙසේ චාල්ස්ගේ නමත් සිය මිනිබිරියට ලැබී තිබේ.
කෙසේ වෙතත්, අලුත උපන් දූ කුමරියගේ නමට ඩයනා යන නම විලියම් කුමරු විසින් යෝජනා කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් බොහෝ ප්‍රසාදයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.