ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි නීති විරෝධී ලෙස රත් හඳුන් දැව ජාවාරමේ යෙදුණු ජාවාරම්කරුවන් හා පොලීසිය අතර සිදුවූ ගැටුමකදී දැව ජාවාරම්කරුවන් 20 දෙනෙකු ඝාතනයට ලක්ව ඇත.
කෙසේ වෙතත්, ඉන්දීය මානව හිමිකම් සංවිධාන මෙම මරණ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ මියගිය වැඩි පිරිසක් ආසන්නයේ සිට වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, තවත් අයගේ මුහුණටම වෙඩි තබා ඇති බවයි.
පොලීසිය පවසන්නේ ජාවාරම්කරුවන් පොරෝ, පොලු හා ගල්වලින් තමන් වෙත පහර දුන් බවයි.
දකුණුදිග ඉන්දියාවේ රත් හඳුන් ජාවාරම දැඩිව සිදුවන අතර, ඒවා ජාත්‍යන්තර වෙළෙඳ පොළට අලෙවි කරන්නේ අතිශය ඉහළ මිල ගණන්වලටය.