පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙත පැමිණි දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රාමෆෝසා ලන්ඩනයේදී ඉතා කෙටි වේලාවකට පමණක් සමුළුව සඳහා සහභාගී වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට දකුණු අප්‍රිකාව තුළ නව රැකියා සහ නිවාස ඉල්ලමින්ද, රටේ පවතින දූෂණය වහා නතර කරන ලෙස රජයට බල කරමින්ද පැවැත්වෙන දරුණු උද්ඝෝෂණ ව්‍යාපාරය ඔහු මෙසේ හදිසියේ ඉවත්ව යාමට හේතු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රටේ වයඹදිග පළාත්වල මෙම තත්ත්වය වඩාත් දරුණු ස්වරූපයක් ගෙන ඇති අතර, බොහෝ කඩ සාප්පු මංකොල්ල කෑමක්ද සිදුව ඇත.
එමෙන්ම, ප්‍රදේශයේ මාර්ග රැසක් බාධක යොදා හරස් කර ඇති විරෝධතාකරුවන්, මාර්ගවල වූ මෝටර් රථවලට ගිනි තබමින් ගමන් කරන බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය පෙබරවාරි මාසයේදී බලයට පැමිණි රාමපෝසා රට තුළ නව ආයෝජන බලාපොරොත්තුවෙන් මෙම සංචාරයට එක් වුවත්, රටේ පවතින මෙම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය රටට කැළලක් ඇති කරන බැවින් ජනපතිවරයා එය සංසිඳුවීම සඳහා වහා සිය රටට ගොස් ඇත.