ලෝකයේ රාජ්‍යයන් 146ක් විසින් කාලගුණික විපර්යාසයන් සීමා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද සැලසුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේරුව ඉදිරිපත්ව තිබේ.
කෙසේ වෙතත්, ලෝකයේ කාබන් විමෝචනය තවදුරටත් ඉහළ යන බව පෙන්වා දෙන එම වාර්තාව, පවසන්නේ එය ගෙවීගිය දශක දෙකට වඩා සෙමෙන් සිදුවනු ඇති බවයි.
එමෙන්ම, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ක් ඉක්ම නොයා යුතු බව රාජ්‍යයන් පවසා ඇතත්, එය මේ වනවිටත් සපුරාලිය නොහැකි ඉලක්කයක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
නමුත්, එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙහිදී ඉදිරිපත් කර ඇති සැලසුම් කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් තැබූ යෝධ පියවරයන් බවයි.