ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාට රජකම අත්හැරීම සඳහා අවශ්‍ය මග සකසමින් එරට පාර්ලිමේන්තුව එම ඓතිහාසික පනත සම්මත කර තිබේ.
83 වැනි වියෙහි පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය වසරේ පවසා සිටියේ තම අසනීප තත්ත්වය මෙන්ම වයස සැලකීමේදී මේ වනවිට රාජකීයයෙකු ලෙස ඉටකළ යුතු නිල රාජකාරීන් පහසු නොමැති බවයි.
කෙසේ වෙතත්, ජපානයේ පවතින නීති ප්‍රකාශය අකිහිතෝ අධිරාජ්‍යයාට ස්වකැමැත්තෙන් පමණක් රජකම අත්හැරීමට නොහැකි වූ අතර, ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතියද අවශ්‍ය විය.
කෙසේ වෙතත්, මේ වනවිට කැබිනට් අනුමැතිය මෙන්ම, විශේෂ පනතක් මගින් පාර්ලිමේන්තු අනුමැතියද ජපාන අධිරාජ්‍යයාට හිමිවීම නිසා ඔහු 2018 වසරේදී සිහසුනට සමුදීමට සූදානමින් සිටින අතර, වර්ෂ 1817 ට පසුව මෙවැනි ක්‍රියාවක නිරතවන ප්‍රථම ජපාන අධිරාජ්‍යයා බවටද ඔහු පත්වනු ඇත.
එමෙන්ම, මෙම නව පනතට අකිහිතෝ අධිරාජ්‍යයා සිහසුනට සමුදෙන විට, ඔහුගේ පුත් 57 හැවිරිදි නරුහිතෝ කුමරුට කඩිනමින් සිහසුනට පත්වීමට අවස්ථාව හිමිවනු ඇත.