ඔස්ට්‍රේලියාවේ පර්ත් ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ඇන්ටනොව් 225 ම්රියා නමැති ලොව විශාලතම සියසින් දැකගැනීම සඳහා විශාල පිරිසක් එම ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව විදෙස් වාර්තා පවසයි.
ටොන් 175ක බරකින් යුතු, මීටර් 84ක් දිග මෙම ගුවන් යානය මෙසේ ඔස්ට්‍රේලියාව වෙත ළඟා වී තිබුණේ, තවත් ටොන් 117ක් බර විදුලිජනක යන්ත්‍රයක් ප්‍රවාහනය කිරීම වෙනුවෙනි.
මෙසේ ඔස්ට්‍රේලියාව වෙත චෙක් ජනරජයේ සිට ගමන් අරඹා තිබූ මෙම යානය ඉන්ධන ලබාගැනීම සඳහා මැදපෙරදිග හා අසියානු ගුවන්තොටු පොළ කිහිපයකද ගොඩබෑමක් සිදුව තිබූ බවද විදෙස් වාර්තා පවසයි.