වෛද්‍යවරු පවසන පරිදි තම නැගෙණියගේ බර අඩු වී නොමැති බවත්, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවත් ඉන්දියාවේදී බර අඩුකිරීමේ සැත්කමකට මුහුණදුන් ඊජිප්තු ජාතික එමාන් අබ්ද් එල් අටීගේ සොයුරිය පවසයි.
මුම්බායි නුවර සයිෆී රෝහලේදී බර අඩුකිරීමේ සැත්කමකට මුහුණදුන් මෙම ඊජිප්තු කාන්තාවගේ ශරීරයේ බරින් කිලෝ ග්‍රෑම් 250ක් සැත්කමින් පසුව අඩු කිරීමට හැකි වූ බව වෛද්‍යවරු මීට පෙර පවසා තිබුණි.
කෙසේ වෙතත්, ඇයගේ සොයුරිය පවසන්නේ සිය නැගෙණියගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවත්, ඇයට කොයි මෙහොතේ හෝ හදිසි ආඝාත තත්ත්වයක් ඇතිවිය හැකි බවත්ය.
මෙම චෝදනා ඉන්දීය රෝහල දැඩි කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
කිලෝ ග්‍රෑම් 500කට වඩා වැඩි බරකින් යුතු බව කී මෙම කාන්තාව වසර ගණනාවකට පසුව සිය නිවසින් පිටතට ගෙන ඉන්දියාවට රැගෙන එනු ලැබුවේ ඇයට සාමාන්‍ය දිවියක් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සඳහාය.
නමුත්, රෝහල්ගත කර ශල්‍යකර්මය කිරීමෙන් අනතුරුව මෙම කාන්තාවගේ වීඩියෝවක් ලබාගත් ඇගේ සොයුරිය එය සමාජජාලයට මුදාහරිමින් පවසා සිටියේ සිය නැගෙණියට කතා කිරීමටවත් නොමැකි බවයි. එමෙන්ම, රෝහල් බලධාරීන් පවසන පරිදි ඇයගේ ශරීර බරෙහි වෙනසක් සිදුව නොමැති බවටද ඇය චෝදනා කර තිබේ.
නමුත්, වෛද්‍යවරු පවසන්නේ සඳුදා දිනය වනවිට ඇයගේ බර කිලෝ ග්‍රෑම් 172ක් වී තිබූ බවය. එමෙන්ම, මෙම ශල්‍යකර්මය සිදුකළ වෛද්‍ය ලක්ඩාවාලා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.
කෙසේ වෙතත්, මෙම ඊජිප්තු කාන්තාව වැඩි කාලයක් රෝහලේ තබාගැනීම සඳහා සිය නැගෙණිය විසින් සිදුකරන අසත්‍යය චෝදනාවක් ලෙසටද වෛද්‍යවරු මෙය හඳුන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.