යේමනයේ අගනුවර ලෙස සැලකෙන සානා හි ප්රතධාන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ෂියා හොවුති කැරලිකරුවන් තවදුරටත් රැඳී සිටින බව ඇසින්දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා පවසයි.
ඔවුන් නගරයෙන් ඉවත්වන බවට මුලින් සම්මුතියකට පැමිණියත් එය නොසලකා ඔවුන් තවදුරටත් රැඳී සිටින බව එහිදී පැවසෙයි.
යේමනයේ ජනාධිපති මන්දිරයේ පාලනය සියතට ගත් කැරලිකරුවන් වෙත මෙම සම්මුතියේදී සුවිශේෂී සහන රැසක් සලසා තිබුණු බවත් පැවසෙයි.
එහිදී, ජනාධිපති මන්සූර් හාඩි විසින් කැරලිකරුවන් වෙත දේශපාලනයේ සුවිශේෂී භූමිකාවක් ලබාදීමට එකඟ වී තිබේ.
ඒ අනුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා නිදහස් කරමින් ඔවුන් නගරයෙන් ඉවත්වන බවද පවසා තිබේ.