යේමනය ආසන්න සොකොට්රා දූපතක් වෙත බලපෑ දුර්ලභ නිවර්තන සුළි කුණාටුවක් හේතුවෙක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
චපාලා ලෙසින් හැඳින්වෙන මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් යේමනය වෙත ඇතුළු වන බව කාලගුණ අංශ පවසයි.
ඒ අනුව, වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යැවීමට කටයුතු කර ඇති අතර, මේ හේතුවෙන් ප්‍රබල සුළං, අධික වැසි මෙන්ම මුහුද දැඩි රළු ස්වභාවයකට පත්ව ඇති බවද කියැවෙයි.
දශක කිහිපයකට පසුව යේමනය මුහුණ දෙන ප්රබලතම සුළි කුණාටුව මෙය විය හැකි බවද කියැවෙයි.
එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංගමය මෙය අතිශය ප්‍රබල සුළි කුණාටුවක් ලෙස හඳුන්වා ඇත.