සෞදි අරාබියේ මූලිකත්වයෙන් යේමනයේ හොයුතු කැරලිකරුවන් ඉලක්ක කරගෙන සිදුවන ගුවන් ප්‍රහාර නවත්වන බවට ප්‍රකාශ වී පැය කිහිපයකට පසුව එරට තෙවැනි ප්‍රධාන නගරය වන ටායිස් හි ප්‍රදේශ කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල වී තිබේ.
මාසයක් පුරා පැවති ප්‍රහාරවලින් පසුව දේශපාලන විසඳුමක් ගෙන ඒමේ අදහසින් ප්‍රහාර නවත්වන බව රියාද් නුවරින් පැවසුණි.
නමුත්, අවශ්‍ය වුවහොත් හොයුතු කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර එලල් කරන බවද සෞදිය අනතුරු ඇඟවීය.
මාර්තු 19 වැනිදා සිට ඇරඹි ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයන් 944 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 3,487 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.