යුරෝපයේ සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීම සඳහා යුරෝපා කොමිසමේ කණ්ඩායමක් තුර්කිය වෙත යෑමට නියමිතව තිබේ.
බ්‍රහස්පතින්දා ඇඹෙන සමුළුව සමග මෙම එකඟත්වය ලබාගැනීම යුරෝපා කොමිසමේ බලාපොරොත්තුව වී තිබේ.
කෙසේ වෙතත්, තුර්කියට එල්ල වූ බෝම්බ පිපිරීමෙන් පසුව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීම නිසා මෙම සාකච්ඡා ප්‍රමාද විය හැකි බවද කියැවෙයි.
මේ වනවිට මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණිකයන් ලක්ෂ 6ක් පමණ යුරෝපා සංගම් කලාපයට පැමිණ ඇති අතර, ඉන් බහුතරය තුර්කිය හරහා පැමිණි බව සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
එමෙන්ම, සිරියාවේ ගැටුම් හේතුවෙන් පළා පැමිණි සංක්‍රමණිකයන් මිලියන දෙකක් පමණ දැනටමත් තුර්කියේ රැඳී සිටින බවද කියැවෙයි.