2017 වසරේදී යුරෝපය පුරා සරම්ප ආසාධිතයන් පෙර නොවූවිරූ ලෙස වැඩිවීමක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
2016 වසරේදී වාර්තා වූ 5,273ක් වන සරම්ප ආසාධිතයන් සමග සැසඳීමේදී 2017 දී එය 20,000 ඉක්මවා ඇති බවත්, ඒ හේතුවෙන් සිදුවූ මරණ 35ක් බවත් එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
එනම්, 2016 වසරට සාපේක්ෂව සිව්ගුණයක වැඩිවීමක් දැකිය හැකි බවත්, යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 15ක මෙහි වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අතර, රුමේනියාව, ඉතාලිය සහ යුක්රේනය ඉහළ අගයක් පෙන්වා ඇති අතර, මහා බ්‍රිතාන්‍යයෙන්ද වැඩි සරම්ප රෝගීන් පිරිසක් වාර්තා වී තිබේ.
සරම්ප එන්නත් නිසි පරිදි ලබා නොගැනීම රෝගය ව්‍යාප්ත වීමට හේතුව බව හඳුනාගෙන තිබේ.