තුර්කියේ සිට කලිම්නෝස් සහ රෝඩ්ස් දූපත් වෙත සංක්රමණිකයන් රැගෙන පැමිණි බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු කාන්තාවන් හා කුඩා දරුවන් බවත්, මෙම සතිය තුළ වාර්තා වූ දෙවැනි ප්රබලතම සංක්රමණික අනතුර මෙය බවත් විදෙස් වාර්තා පවසයි.
ග්රීක බලධාරීන් පවසා සිටියේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 138 දෙනෙකු කලිම්නෝස් දූපත් ආශ්රිතව බේරා ගැනුණු බවයි.
මේ රෝඩ්ස් දූපත් ආසන්නයේ අතුරුදන් වූවන් තිදෙනෙකු පිළිබඳවද වාර්තා වෙයි.
සංක්රමණිකයන් සම්බන්ධයෙන් යුරෝපයේ ස්ථාවරය සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බව ග්රීක අගමැති අලෙක්සිස් සිප්රාස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබේ.