යුරෝපයට ඇතුළු වීම සඳහා හංගේරියාවේ බුඩාපෙස්ට් දුම්රිය ස්ථානයේ රැඳී සිටි සිය ගණන් සංක්‍රමණිකයන් පොලීසිය විසින් වැළැක්වීමත් සමග එම ස්ථානයේ බලවත් විරෝධතාවක් ඇති විය.
'ජර්මන්, ජර්මන්' යනුවෙන් කෑ ගසන ජනතාව තමන්ට ජර්මනිය වෙත යෑමට අවශ්‍ය බව පවසමින් දුම්රිය ප්‍රවේශ පත්‍රය පෙන්වමින් සිටි බව විදෙස් වාර්තා පවසයි.
යුරෝපා සංගමය විසින් ලබාදුන් තීරණයකට අනුව මෙසේ අදාළ දුම්රිය මාර්ගය වසා දැමීමට කටයුතු කළ බව හංගේරියානු බලධාරීහු පවසති.
ඔස්ට්‍රියාව පවසන්නේ ඊයේ (31දා) වනවිට සංක්‍රමණිකයන් 3,650ක් වියානා නුවරට ළඟා වී සිටි බවයි.
ඉන් වැඩි පිරිසක් ජර්මනිය බලා ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් මෙසේ පැමිණ ඇති බව ඔස්ට්‍රියා බලධාරීහු පවසති.