යුරෝපා සංගමයට ඇතුළු වන සංක්‍රමණිකයන් හා සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන යුරෝපයම එක්ව තීරණයකට පැමිණීමේ අවශ්‍යතාව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකෙල් මතු කරයි.
සරණාගතයන් ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට යුරෝපය අපොහොසත් වුවහොත්, එය කිසිසේත්ම අප බලාපොරොත්තු වන යුරෝපය නොවේවි යැයි ඇය අවධාරණය කරයි.
ඔස්ට්‍රියාවේ නැගෙනහිර දේශසීමාවලදී මිනිස් ජාවාරමේ යෙදෙන්නන් පස් දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමත් සමග ජර්මානු චාන්සලර්වරිය මෙම අදහස් දැක්වීමද කර තිබේ.
එමෙන්ම, පසුගිය බ්‍රහස්පතින්දා සංක්‍රමණිකයන් 71 දෙනෙකුගේ සිරුරු සමග දමාගිය ලොරියක්ද ඔස්ට්‍රියාව ආසන්න හංගේරියානු දේශසීමාවේදී හමුවිය.
එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ තවත් සංක්‍රමණිකයන් 200කට වැඩි පිරිසක් හමුවූ බවද එරට පොලීසිය කියයි.